Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක තරඟය අද




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අතිශය තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්තය සමඟයි.
 
තමන් සහභාගී වූ පළමු තරඟයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ දැවැන්ත ජයක් ලැබූ නවසීලන්තය මෙම තරඟයට පිවිසෙන්නේ ඉහළ දළ ලකුණු වේගයක්ද සමඟයි.

නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. ඒ අනුව තරඟ දෙකකට සහභාගීවූ නවසීලන්තය ප්‍රසාද ලකුණු 03 ක් හිමිකරගෙන සිටිනවා.

තරඟ දෙකෙන් එකක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව රැස්කරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව දෙකක්.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරඟය ජය ගැනීම අතිශය වැදගත්.

අද තරඟයේදී ශ්‍රී ලංකාවට ඇති අභියෝගය සම්බන්ධයෙන් ප්‍රවීණ වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක නෙත් එෆ් එම් සමඟ සංවාදයකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. 
 

අද තරඟයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට ඇති වගකීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.
 

අද තරඟයෙන් දිනන්නේ කවුද? මේ, ප්‍රවීණ වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක.


මේ අතර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරිය පිළිබඳ නෙත් නිවුස් සැකසූ විශේෂ ගවේෂණාත්මක වාර්තාවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.