Friday, May 3, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක්




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මකම තරගය පස්වරු 1යි 30ට සිඩ්නිහීදී ආරම්භ වීමට නියමිතයි. ඒ, නවසීලන්ත කණ්ඩායම සමගයි. ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට ප්‍රමෝද් මධුශාන් බොහෝදුරට ක්‍රීඩා කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති වගකීම සම්බන්ධයෙන් ප්‍රවීණ වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක නෙත් එෆ් එම් සමඟ සංවාදයකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.

නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු යැවිය යුතු ආකාරය පිළිබදවද ඔහු මෙලෙස අදහස් පළ කළා.

“ටොස් එකට කලින්” විශේෂාංගයට එක්වෙමින් ප්‍රවීණ ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක මෙම අදහස් පළ කළා. එම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.