Thursday, May 9, 2024

General line - 0115112241

සිම්බාම්වේට එරෙහිව බංග්ලාදේශයට තියුණු ජයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් සිම්බාබ්වේ පරදා ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කිරීමට  බංග්ලාදේශය මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

නජ්මුල් හුසේන් පන්දු 55කදී ලකුණු 71යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණයි. මෙහිදී සීන් විලියම්ස් පන්දු 42කදී ලකුණු 64ක් රැස් කළා. පන්දු යැවීමේදී ටස්කීන් අහමඩ් කඩුළු 03ක් බිද හෙලුවා.