පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී ඉන්දියාව කඩුලු 05කින් පරාජය කරමින් දකුණු අප්රිකාව ජය ගනු ලැබුවා. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 133 ක් රැස් කළා. හුදෙකලා ඉනිමක් ක්රීඩා කළ සූර්යය කුමාර් යාදෙව් පන්දු 40 කදී ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 03 ක් සහ හතරේ පහර 06 ක් සමගින්.
වෙනත් කිසිඳු ඉන්දීය ක්රිඩකයෙකුට ලකුණු 15 සීමාව පසුකර යාමට දකුණු අප්රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දු යැවීමේදී ලුන්ගි නිග්ඩි කඩුළු 04 ක් දවා ගත්තා.
ලකුණු 134 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්රිකානු කණ්ඩායම පන්දු වාර 19.4කදී කඩුලු 5ක් දැවී ලකුණු 137ක් රැස් කරනු ලැබුවා.
දකුණු අප්රිකාව වෙනුවෙන් ඒඩ්න් මාක්රම් ලකුණු 52ක් සහ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 59ක් රැස් කරනු ලැබුවා.