Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ පාලමක් කඩා වැටෙයි : පුද්ගලයින් 91ක් ජිවිතක්ෂයට




ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටී අවම වශයෙන් පුද්ගලයන් 91ක් දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවලා ලබා තිබෙනවා.

ශතවර්ෂයකට ආසන්න පැරණි ඓතිහාසික පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මීට දින හතරකට පෙර නැවත විවෘත කර තිබෙනවා.

පාලම කඩාවැටෙන අවස්ථාවේ ඒ මත පුද්ගලයින් 500 ක් පමණ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 100 කට ආසන්න පිරිසක් මච්චු ගඟට වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර අතුරුදහන්වූවන් සෙවීම සඳහා කිමිදුම්කරුවන් යොදවා තිබෙන අතර ඊට අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ගන්නා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදී අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්ත මහඅමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.