Saturday, May 18, 2024

General line - 0115112241

ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද 




පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරයි. 

බ්‍රිස්බේන් හීදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගාවලියේ මීළග වටයට පිවිසීම සදහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වනවා. සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ මේවනවිට රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි. ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්ය වනවා.