Friday, May 10, 2024

General line - 0115112241

අටමස්ථානාධිපති පදවියට පත්කිරීම බදාදා සිදුවන ලකුණු




පුරප්පාඩු වී ඇති අටමස්ථානාධිපති පදවියට පත්කරගන්නා භික්ෂූන් වහන්සේ කවුරුන්ද යන්න ලබන බදාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සදහා සුදුසු භික්ෂූන් වහන්සේ නමක් තෝරාගැනීම වෙනුවෙන් අටමස්ථාන කමිටුව අද හෝ හෙට දිනයේ රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

නුවර වැව වලව්වේ ප්‍රධානියා හෙවත් බුලංකුලම පරපුරේ වර්තමාන ප්‍රධානියා සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ ශ්‍රීපාද භාරකාර නායක ස්වාමීන් වහන්සේගේ නියෝජිතකයෙකුගෙන් අටමස්ථාන භාරකාර කමිටුව සමන්විත වනවා.

ඒ අනුව අටමස්ථානාධිපති නායක හිමියන් තෝරා පත් කිරීමේදී නුවර වැව පවුල හෙවත් බුලංකුලම පරපුරේ ප්‍රධානියාට සාම්ප්‍රදායිකව වැඩි බලතලයක් හිමිව තිබෙනවා.

අටමස්ථාන කමිටුව මගින් අටමස්ථානාධිපති නායක පදවියට හිමිනමක් තෝරා ගැනීමෙන් පසු එය මල්වතු මහ නාහිමියන්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට දැනුම්දීමෙන් එම පත්වීම සිදු කෙරෙනු ඇති.