Thursday, May 9, 2024

General line - 0115112241

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා රටට අවශ්‍ය වී ඇත්තේ අධ්‍යාපන පරිවර්තනයක් - අධ්‍යාපන ඇමති




අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා වර්තමානයේ රටට අවශ්‍ය වී ඇත්තේ අධ්‍යාපන පරිවර්තනයක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ ලබන වසරේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ත‘ිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කර ඇති බවයි. නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ පළමු අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම් ලබන වසරේ සිට ආරම්භ කරන බවද අමාතා්‍යවරයා එහිදී සදහන් කළා.  

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන පරිවර්තන කිහිපයක් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.