Saturday, May 18, 2024

General line - 0115112241

අයර්ලන්තය පැරද වූ ඕස්ට්‍රේලියානුවන් ඉලක්කයට ළං වෙයි




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ අද පැවති තරගය පහසුවෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, අයර්ලන්ත කණ්ඩායම ලකුණු 42කින් පරාජය කරමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළා. ඒරන් ෆින්ච් පන්දු 44කදී ලකුණු 63ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගයි. මාර්කස් ස්ටොයිනිස් පන්දු 25කදී ලකුණු 35යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවකදී ලකුණු 137කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. 
ලෝර්කන් ටකර් පන්දු 48කිදී නොදැවී ලකුණු 71ක් රැස් කළද එය තරගය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වුණේ නැහැ. 

පන්දු යැවීමේදී පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටක් සහ ඇඩම්ස් සම්පා කඩුළු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. 

ඒ අනුව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේවනවිට සමත්ව සිටිනවා.