Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා. ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් පමණක් දැවී තරගය ජය ගනු ලැබුවේ තවත් පන්දු 09ක් ඉතිරිව තිබියදී.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය සිල්වා නොදැවී ලකුණු 66ක් රැස් කරනු ලැබුවා ඒ පන්දු 42කදී. ධනංජය ගේ ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 6ක් ඇතුලත් වුවා.

ශ්‍රී ලංකා ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 25ක්, චරිත් අසලංක ලකුණු 19ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 18ක් රැස් කරනු ලැබුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළා.