Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉදිරිය ගැන වාර්තාවක්




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවද ඇතුලත් පළමු කාණ්ඩය මේ වන විට අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, එහි කණ්ඩායම් 04 කට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් නිර්මාණය වීමත් සමඟයි.

නවසීලන්තය, එංගලන්තය, ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව එම කණ්ඩායම් වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇති හැකියාව පිළිබඳ නෙත් නිවුස් ගෙන එන විශ්ලේෂණාත්මක වාර්තාවක් දැන්.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය දැන් පැවැත්වෙනවා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 117 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නෙදර්ලන්තය පන්දුවාර 10 ක් අවසානයේ කඬුලු 01 ක් පමණක් දැවී ලකුණු 67 ක් රැස්කරගෙන සිටියා.