Friday, May 17, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පාකිස්ථානය ජය ගනියි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 33කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා. ඒ, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 185ක් රැස් කළා.  වර්ෂාව හේතුවෙන් තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 14කදී ලකුණු 142ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේවෙතත් නියමිත පන්දුවාර 14 අවසානයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුළු 9ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 108ක් පමණයි.