පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත හැකි තරඟ දෙකක් අද පැවැත්වෙනවා.
ඉන් එක් තරඟයක් මෙරට වේලාවෙන් අද උදෑසන 09 යි 30 ට ආරම්භ වීමට නියමිතයි. ඒ, අයර්ලන්තය සහ නවසීලන්තය අතරයි. අනෙක් තරඟය ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පස්වරු 01 යි 30 ට ආරම්භ වනවා.
මෙම තරඟ දෙකෙන් අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්තානය ජයගතහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩකඩක් පවතිනවා. කෙසේවෙතත් අවසන් පූර්ව තරඟයට පිවිසීමට නම් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාව අනිවාර්්‍යයෙන්ම ජයගත යුතු වනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇති හැකියාව පිළිබඳ නෙත් නිවුස් ගෙන එන විශ්ලේෂණාත්මක වාර්තාවක් දැන්.