අයර්ලන්ත කණ්ඩායමේ වමතින් වේග පන්දුයවන ක්රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට අද සමත් වුවා.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී වාර්තා වූ දෙවන කඩුලු ත්රිත්වය මෙය වනවා.
නවසීලන්ත ඉනිමේ 18 වැනි පන්දු ඕවරයේ ඔහු විසින් මෙම දස්කම දැක්වීමට සමත්විය.
ජෝස් ලිට්ල් විසින් පිළිවෙලින් කේන් විලියම්සන් (ලකුණු 61), ජේම්ස් නීශම් සහ මිචෙල් සැන්ටර් ලකුණු නොලබා දවා ගැනීමට සමත් වුවා.
නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබාගනු ලැබුවා.
ලකුණු 186 ක ජයග්රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 10 ක් අවසානයේ කඬුලු 03 ක් දැවී ලකුණු 73 ක් ලබාගෙන සිටියා.
කෙසේවෙතත් ශ්රී ලංකා කණ්ඩායමට තවදුරටත් ලෝක කුසලානයේ ඉදිරි බලාපොරොත්තු තබාගත හැකිද ? ඒ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ “ටොස් එකට කලින්” වැඩසටහනට එක්වෙමින් ක්රිකට් විචාරක අනූෂ සමරනායක මෙලෙස අදහස් පළ කළා.