Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වුණත් අද ජයග්‍රහණය වැදගත් - විචාරකයින් කියයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට නොහැකි වුවද අද එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. 

නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ “ටොස් එකට කලින්” වැඩසටහනට එක්වෙමින් ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක පැවසුවේ මෙම තරඟය ජයග්‍රහණය කිරීම එලඹෙන ලෝක කුසලාන තරඟාවලියට පිටුවහලක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී 150කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කරගතහොත් අද තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව පවතින බවයි ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අවසන් පූර්ව වටයට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලැබීමට නම්, එංගලන්තය සමග අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජයගත යුතු වනවා.  එසේ නොවුණහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ එංගලන්ත කණ්ඩායමයි.