Friday, March 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට 




මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය සමග පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මේවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහභාගී වන අවසන් තරගය මෙයයි. A කාණ්ඩයෙන් තරග හතරකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග දෙකක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. 

කෙසේවෙතත් අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉතා වැදගත් වනවා. ඔවුන්ට මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව පවතින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් පමණක් වීම හේතුවෙන්.

අද පැවැත්වෙන තරගය එංගලන්ත කණ්ඩායම ජයගතහොත් අවසන් පූර්ව වටයට එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබනු ඇති. අවසන් පූර්ව තරගය සදහා නවසීලන්ත කණ්ඩායම මේවනවිටත් සුදුසුකම් ලබා තිබෙනවා.