Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට කඩුලු 4ක ජයක්




සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුළු 4ක ජයක් හිමිකරගනිමින්. 

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 141ක් රැස් කළා. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 45කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67ක්. 

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වුණා. භානුක රාජපක්ෂ ලකුණු 22යි. කුසල් මෙන්ඩිස් ලකුණු 18ක් ලබා සිටියදී දැවී ගියා. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10යේ සීමාව ඉක්මවා යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ඒ අනුව මාර්ක් වුඩ් කඩුලු 03ක් බිද හෙලුවා.  

ජයග්‍රාහී ලකුණු 142ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 144ක් රැස් කරමින් තරගය ජයගනු ලැබුවා. ඇලෙක්සැන්ඩර් හේල්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්. බෙන්ස් ස්ටොක් නොදැවී ලකුණු 42ක් රැස් කළා. 

පන්දු යැවීමේදී වනිදු හසරංග, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර කඩුළු 02 බැගින් දවාගත්තා.  

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලැබුවා.