Sunday, May 5, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හෙට මාතර සුජාතා විද්‍යාලයේදී 




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දසවැන්න හෙට පැවැත්වෙනවා. ඒ, මාතර සුජාතා විද්‍යාලයේදීයි. 

පෙරවරු 8ට ආරම්භ වන එම සම්මන්ත්‍රණයේ සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද හෙට පැවැත්වෙනවා. 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා මැලිබන් ගෝල්ඩ් මාරි හා රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව අනුග්‍රහය ලබාදෙනවා.