Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ සිහිනය නෙදර්ලන්තය බොඳ කරයි 




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති සුපිරි 12 වටයේ තරගයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 13කින් පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් වුවා. ඒ සමගම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට ඉදිරිපත් වීමට දකුණු අප්‍රිකාවට නොහැකි වනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත පිල සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 158ක් රැස් කරනු ලැබුවා. එහිදී කොලින් ඇක්රමන් නොදැවී ලකුණු 41ක් රැස් කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 145ක් පමණයි.  පන්දු යැවීමේදී බ්‍රෙන්ඩන් ග්ලෝවර් ලකුණු 9 කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.

මේ අතර දෙවන කාණ්ඩයෙන් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට පාකිස්ථාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායමට අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ අද දෙපිල අතර පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට එම අවස්ථාව උදාවෙනු ඇති.