Saturday, April 27, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්




සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව හෙට දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවට ICC ය විසින් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියාවේ අධිකරණ ක්‍රියාපටිපාටීය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරනු  ලබන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC සමඟ සාකච්ඡා කොට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටින්නේ.