Friday, March 29, 2024

General line - 0115112241

පාකිස්ථානයත් ලෝක කුසලාන අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි 




ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 127ක් රැස්කරනු ලැබුවා.

ලකුණු 128ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවා. 

ඒ අනුව නවසීලන්තය, එංගලන්තය, පාකිස්ථානය සහ ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පළමු අවසන් පූර්ව තරගය ලබන බදාදා නවසීලන්තය සහ පකිස්තානය අතර පැවැත්වෙනවා. දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ එංගලන්තය අතරයි. ඒ, ලබන බ්‍රහස්පතින්දායි.