Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති හා ජගත් මහ ලේකම්වරයා අතර හමුවක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, ඊජිප්තුවේ කයිරෝ නුවරදීයි.

මෙරට රජයේ ජාතික පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් 1978 දී සිදුකළ සිය පළමු ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ද ආවර්ජනය කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් අද අලුයම ඊජිප්තුවේ කයිරෝ නුවර බලා පිටත්වුණා.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසරය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.