Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමේ සුදානමක - විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි

රංජිත් රාජපක්ෂ / චාමික කුමාර




කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කිරීම හරහා මැතිවරණ කල්දැමීමට රජය උත්සහ දරමින් සිටින බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසුවේ ආණ්ඩුවේ මෙම උත්සහය ව්‍යර්ථ කරන බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව හරහා ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට උත්සහ කරන බවයි. 

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ මැතිවරණ කල්දැමීමේ කිසිඳු උත්සහයක් ආණ්ඩුවට නොමැති බවයි.