Sunday, May 5, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ ත්‍රී රෝද සඳහා දෙන ඉන්ධන කෝටාව වැඩි කෙරේ




ත්‍රී රෝද රථ සඳහා සතියක කාලයකට ලබාදෙන ඉන්ධන කෝටාව හෙට සිට දෙගුණ වනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ මගී ත්‍රී රෝද රථ සඳහා මෙම ඉන්ධන කෝටාව ලබාදීම හෙට ආරම්භ කරන බවයි.

ඒ අනුව ත්‍රී රෝද රථයක් සඳහා සතියකට මෙතෙක් ලබාදුන් ලීටර් 05 ක ඉන්ධන ප්‍රමාණය හෙට සිට ලීටර් 10 ක් වනු ඇති.

මේ අතර දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීම අද සිට ලබන 13 වනදා දක්වා සිදු කෙරෙනවා. ලබන 13 වනදායින් පසු ලියාපදිංචි වූ මගී ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 10 ක් ලබාදීම දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කිරීමට නියමිතයි.