Friday, April 26, 2024

General line - 0115112241

ටැන්සානියාවේ මගී ගුවන් යානයක් විලකට කඩා වැටෙයි




ටැන්සානියාවේ මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩාවැටී තිබෙනවා. යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 43 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන් 23 දෙනෙකු සහන සේවකයින් විසින් මුදා ගෙන තිබුණා. යානය අනතුරට පත්ව ඇත්තේ ඒ ආසන්නයේ පිහිටි බුකෝබා නගරයට ගොඩබෑමට උත්සහ කිරීමේදීයි.

අනතුරින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අනතුරින් යානය තුළ සිරවී සිටි පිරිස් මුදා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.