Wednesday, May 8, 2024

General line - 0115112241

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැදවියන් 35 දෙනෙකු යළි භාර වෙයි




කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානනේ පළා ගිය රැදවියන් 35 දෙනෙකු යළි භාර වී තිබෙනවා. දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් එම රැදවියන් පිරිස පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.

ගැටුමට මුල් වූ පුද්ගලයින් තමන්ට පහර දිය හැකි බවට බිය වී මෙම රැදවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත කැලෑබඳ ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ සැගව සිට ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ මෙලෙස ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඔවුන් පැමිණි ප්‍රදේශවල සිට පැමිණි අනෙක් පුද්ගලයින් හා එක්ව කල්ලි නිර්මාණය කරගනිමින් අනෙකුත් රැදවියන්ට හිරිහැර වන ආකාරයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කටයුතු කිරීම හේතුවෙන් එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.