Wednesday, May 8, 2024

General line - 0115112241

බිත්තර පාලන මිල ඉක්මවා යයි - පාරිභෝගිකයින් චෝදනා නගයි

රංජිත් රාජපක්ෂ




පාලන මිලක් පනවා තිබුණද එම මිලට බිත්තර ලබා ගැනීමට වෙළදපොල තුළ නොමැති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් බිත්තර වෙළදුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ තමන් වෙත බිත්තර ලබාදෙන තොග වෙළදුන්ද බිත්තරයක් ලබාදෙන්නේ රුපියල් 50 ඉක්මවූ මිලකට බවයි.

එබැවින් පාලන මිලට බිත්තර අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බවයි හැටන් ප්‍රදේශයේ වෙළදුන් පිරිසක් නෙත් නිවුස් වෙත පැවසුවේ.