ලොවක් බලා සිටින රියෝ 2016 ඔලිම්පික් ක්රීඩා උළලේදී ක්රීඩකයෙකු විසින් ක්රීඩිකාවකට ප්රසිද්ධියේ මංගල යෝජනාවක් සිදු කර තිබුණා.
ඒ මීටර් 3 කාන්තා කිමිඳුම් ඉසව්වේ ජයග්රාහිකාවන්ට පද්දක්කම් ප්රදානය කරන අවස්ථාවේදීයි. එම තරගයේ රිදී පදක්කම් හිමි කර ගත් චීන ජාතික ක්රීඩිකා ‘හී සී’ ට චීන ක්රීඩකයෙකු මෙම මංගල යෝජනාව සිදු කර තිබුණා.
විවාහ යෝජනාව ඉදිරිපත් කළ චීන ජාතික ක්රීඩක කිං කායි ද පසුගිය සතියේ පැවැති මීටර් 3 කිමිදුම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්රීඩකයෙක්.
මෙම අවස්ථාවේ අදහස් පළ කරමින් අදාළ ක්රීඩිකාව පවසා ඇත්තේ අවුරුදු 6 ක් තිස්සේ පෙම්වතුන්ව සිටියත් ලෝකයක් ඉදිරියේ ඔහු තමාට මෙලෙස යෝජනාවක් ගෙනෙනු ඇතැයි තමා කිසිවිටෙක නොසිතූ බවයි.
එහිදී සහකරු ලෙස ඔහු පිළිගැනීමට තමා සූදානම් බව ද ඇය පවසා තිබෙනවා.