Sunday, January 12, 2025

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සමත් වුණා. ඒ අනුව, පළමුව පන්දුවට පහර දීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ. 

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක්ව ඇති පැතුම් නිශ්ශංක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකාව කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. එය නුවනිඳුගේ මංගල ජාත්‍යන්තර එක්දින තරඟයයි. එමෙන්ම, ආබාධයකට ලක්ව ඇති දිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාරද කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේවනවිට ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී තරඟය පැවැත්වෙනවා. මේ වන විට පන්දුවාර 10ක් අවසානයේ ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් රැස් කරගෙන සිටිනවා.