Sunday, January 12, 2025

General line - 0115112241

ගැටළු ගැන සාකච්ඡා කරන්න ජනපති රේගු නිලධාරින් කැඳවයි




වරායේ සිරවී ඇති බහාලුම් සහ පවතින ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

පෙරවරු 09.00ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන එම සාකච්ඡාවට රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් මෙන්ම ඊට අදාළ සෙසු බලධාරින් කැඳවා ඇති බවයි වාර්තා වුණේ. 

මේ අතර බහාලුම් රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් වරායේ සිරවී ඇති බවට බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. 

වර්තමානයේදී නිසි පරිදි බහාලුම් පරික්ෂාව සිදුවීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි ඊට ප්‍රතිචාර දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා.