රජය විසින් සහල් ආනයනය කළ ද වෙළඳපොළේ තවදුරටත් රතු සහල් හිඟයක් පවතින බවට වෙළෙන්දන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ රජය විසින් සහල්වලට පනවා ඇති පාලන මිල ඉවත් කළහොත් එම හිඟය අවම කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර පවතින සහල් හිඟය සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ මහ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ වෙළඳපොළේ පවතින සහල් හිඟය අඩුවනු ඇති බවයි.