Saturday, January 11, 2025

General line - 0115112241

 ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරයින් වෙයි




ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියාව අද සමත් වූණා. 

ඒ, අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 209 කින් පරාජයට පත්කරමින්.

ලෝක ටෙස්ට් ශූරතාවලියක් ඔස්ට්‍රේලියාව ජය ගත් පළමු අවස්ථාව මෙයයි. 

මෙම තරගයේ ජය මෙම කණ්ඩායම් දෙකට මෙන්ම ක්‍රිකට් වංශ කථාවටද අතිශය වැදගත් වූණා.

ඒ, මෙම තරගය ජය ගන්නා කණ්ඩායම එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ එක්දින, පන්දුවාර 20 හා ටෙස්ට් යන සියලුම ICC ක්‍රිකට් තරග රටා වල ලෝක කුසලාන දිනූ ලොව පළමු කණ්ඩායම බවට පත් වීම හේතුවෙන්. 

ඒ අනුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන සෑම තරග රටාවකදීම ICC ලෝක ශූරතාවයක් දිනූ ලොව පලමු කණ්ඩායම බවට ඔස්ට්‍රේලියාව පත්වුණා.

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර මෙම තරගය පැවැත්වුණේ එංගලන්තයේදීයි.

ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කල අතර ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබා ගනිමට සමත්විය 

ඒ අනුව පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.

දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන් අතර දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී  ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණයි.