ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව වැව් බැම්ම කැඩී යාමේ අවදානමට බලධාරීන් මෙතෙක් නිසි විසඳුම් ලබා දී නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
තමන් පෙන්වා දුන් විසඳුම් කෙරෙහි බලධාරීන් අවධානය යොමු නොකළ බවද මේ වන විට එම ස්ථානයේ රැඳී සිටින ප්‍රදේශවාසියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියා.
කෙසේවෙතත් ගලෙන්බිදුණුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසුවේ එම වැව් බැම්මේ අවදානම් ස්ථාන වැලි කොට්ට අතුරා සකස් කිරීම යුදහමුදා සෙබළුන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ බවයි.
පවතින අවදානම සලකා එම වැවෙහි ජල මට්ටම අඩුමට්ටමකට ගෙන ඒමටද කටයුතු කරමින් සිටින බවයි ගලෙන්බිදුණුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසුවේ.
මේ අතර, ප්‍රදේශ රැසක අද දිනයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළංද ඇති විය හැකි බවයි.