Saturday, January 11, 2025

General line - 0115112241

රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට




දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

බිබිල අම්පාර මාර්ගයේ මීගහඅරාව ප්‍රදේශයේ සිදුවූ එක් අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

වෑන් රථයක් පාපැදියක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පාපැදිකරු බිබිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාන්නේරිය, නල්ලච්චිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

නවගත්තේගම දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ රැඳී සිටි පුද්ගලයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා නාන්නේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි නාන්නේරිය පොලීසිය පැවසුවේ.