Saturday, January 11, 2025

General line - 0115112241

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙවර එහි විශේෂත්වය වන්නේ තරඟාවලිය රටවල් දෙකක පැවැත්වීමයි. මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය දරන්නේ පකිස්තානයයි. එහෙත් පකිස්තානයට යාම ඉන්දිය කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාව සහභාගී වන තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි තීරණය කෙරුණේ. එහිදී සුපර් 4 වටය හා අවසන් මහා තරගය ඇතුලු තරග 09ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර සත්කාරකත්වය දරන පකිස්තානයේ පැවැත්වෙන්නේ තරග 4ක් පමණයි.


ආසියානු කුසලාන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා. එහිදී ඉන්දියාව, පකිස්තානය හා නේපාලය ් කාණ්ඩයෙන්ද ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ඊ කාණ්ඩයෙන්ද තරග වදිනවා.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පැවැත්වෙන්නේ සත්කාරක පකිස්තානය හා නේපාලය අතරයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙනවා. තරඟාවලිය සැප්තැම්බර් 17 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කුසලානයක් මෙවර පැවැත්වෙන්නේ 16 වන වරටයි.