මෙම වසරේ ශ්‍රී ලාංකිකයින් 8,000ට ආසන්න පිරිසකට දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසුවේ දකුණු කොරියාවට ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවල් 16 අතර, වඩා ඉහළ දක්ෂතාවයන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවෙන් යොමුකිරීමට ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.
දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ලාංකිකයින් 96 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.