එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී වෙන් වී ගිය පිරිස යළි එක් කර ගැනීමේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් ඇය මෙම අදහස් පළ කළා.
එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද එහිදී අදහස් පළ කළා.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියා.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.