Saturday, January 11, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව ජයග්‍රාහීව ආසියානු කුසලාන ගමන අරඹයි




සුපිරි ජයග්‍රහණයක් සමඟ සිය ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලි ගමන ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් කඬුලු 5 ක ජයක් හිමිකර ගනිමින්.

ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. බංග්ලාදේශ ඉනිම පන්දුවාර 42 යි පන්දු 4 කදී අවසන් වුණේ ලකුණු 164 කටයි. 


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 39 ක් අවසානයේ කඬුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළා. එහිදී චරිත් අසලංක නොදැවී ලකුණු 62 ක් රැස් කළ අතර සධීර සමරවික්‍රම ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වුණා. 

ලකුණු 43 කට කඬුලු 3 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ සිව්වන කඬුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ඔවුන් දෙදෙනා පන්දුවාර 20 ක් ක්‍රීඩා කරමින් ලකුණු 78 ක සබඳතාවක් ගොඩනැගුවා. පන්දු යැවීමේදී ශකීබ් අල්හසන් ලකුණු 29 කට කඬුලු දෙකයි. 
පන්දු වාර 7 යි පන්දු 4 කදී ලකුණු 32 කට කඬුලු 4 ක් බිඳ හෙලමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මතීෂ පතිරණ තරඟයේ වීරයා ලෙස නම් කෙරුණා. 

ලොවක් බලා සිටින ආසියානු කුසලානයේ ඉන්දු - පාකිස්තාන තරඟය හෙට පැවැත්වෙනවා.