Friday, January 10, 2025

General line - 0115112241

වැස්සට බියෙන් ඉන්දු පකිස්ථාන තරඟයට අතිරේක දිනයක්




ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපර් 4 වටයේ තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. යම් හෙයකින් ලබන 10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් තරඟය නතර කරන තැන  සිට පසුදින එනම් 11 වනදා තරගය පැවැත්විමටයි තිරණය කර ඇත්තේ. එම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේයි. 

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය හැර අතිරේක දිනයක් ලබා දී ඇති එකම තරඟය වන්නේද ඉන්දු පකිස්ථාන මෙම තරඟයයි. ලබන 10 වනදා තරගය සඳහා ප්‍රවේශපත් අතිරේක දිනය සඳහා ද වලංගු බව මේවනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ පැවති ඉන්දු පකිස්ථාන තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. 


මේ අතර ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විනිසුරුවන් සහ තීරකවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළා. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවෙන් තේරී පත්ව ඇත්තේ කුමාර් ධර්මසේන පමණයි. තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර ඇති අතර ආරම්භක තරඟයේ පිටියේ විනිසුරු ලෙස කටයුතු කරන්නේද කුමාර් ධර්මසේනයි.