රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර් 100 සහය දිවීම පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට උසේන් බෝල්ට් ප්රමුඛ ජැමෙයිකා කණ්ඩායම සමත් වුණා.
මෙය මෙම තරගාවලියේදී උසේන් බෝල්ට් දිනාගත් තුන්වන රන් පදක්කමයි. මීටර් 100 සහ මීටර් 200 කේවල ඉසව්වලින් ද රන් පදක්කම් දිනා ගැනීමට උසේන් බෝල්ට් සමත් වුණා.
මීටර් 100 සහාය දිවීම පිරිමි ඉසව්වේදී ජැමෙයිකානු කණ්ඩායමේ තරග නිමි කාලය තත්පර 37.27ක්. ජපානය රිදී පදක්කම ද, කැනඩාව එහි ලෝකඩ පදක්කම ද දිනාගත්තා.
මේ අතර මීටර් 100 සහාය දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ අමෙරිකාවයි. ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 41.01ක් වුණා. එහි රිදී පදක්කම ජැමෙයිකාවටද ලෝකඩ පදක්කම මහා බි්රතාන්යටද හිමිවුණා.