Thursday, November 7, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ

උදය කුමාර




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන 12 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

ඒ, මන්නාරම මහාධිකරණ විනිසුරවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළවයි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවට අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට ලැබී නොමැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන් අධිකරණය, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වනදා කැදවන ලෙසයි නියෝග කර ඇත්තේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නම් කර තිබෙනවා.