මහමැතිවරණයට අදාළව තවත් මැතිවරණ පැමිණිලි 144ක් ලැබී තිබෙනවා.
ඒ, ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24ට අදාළවයි.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සහ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,938ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම පැමිණිලි අතරින් 1,603ක් විසඳීමට මේ වන විට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්.