ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව හා නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.
ඒ, ධරම්සාලා හිදීයී. දකුණු අප්රිකාව මෙතෙක් තරගාවලියේ සහභාගී වූ තරග දෙකම ජය ගෙන තිබෙනවා. නෙදර්ලන්තයට කිසිදු තරගයක් ජය ගැනිමට හැකි වී නැහැ.
අද කරගය ජය ගතහොත් දකුණු අප්රිකාවට ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකි වනවා. මේ වන විට ප්රසාද ලකුණු සටහනේ ඉන්දියාව පළමු ස්ථානයේත්, නවසීලන්තය දෙවන ස්ථානයේත් පසුවනවා. ශ්රී ලංකාව පසුවන්නේ රටවල් 10ක් අතරින් 09වන ස්ථානයේයි.