වැලිගම, මහනැවියා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන බෙලිඅත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීම සිදු කළ සැකකරුවන්ට පලා යාම සඳහා යොදා ගත් මෝටර් රථය ඔහු විසින් පදවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව එම මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 04 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.