ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ඩුබායි බලා පිටත්ව ගියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය වනවා.
ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස ඩුබායි බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.
එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධන පැවසුවේ පසුගිය කාලයේ තරඟාවලි කිහිපයකදී ලද ජයග්‍රහණ හමුවේ සිය කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් ආසියානු ක්‍රිකට් ශූරතා තරඟාවලියට එක්වන බවයි.
එම තරඟාවලිය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම ලබන 09 වනදා ජපාන කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.