Thursday, January 9, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දිල්ෂාන් මදුෂංකට ඉන්දියාවෙන් කෝටි 4 හමාරක ලංසුවක් - වනිඳුට කෝටි එකහමාරක්




2024 IPL ක්‍රිකට් තරඟාවලියේ අද පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා නවක ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඉන්දීය රුපියල් කෝටි 4 යි දශම 6 ක මිලක් නියම වුණා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ 54,000ක්.

ඔහු මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

ඩිල්ෂාන් මදුෂංක IPL ක්‍රීඩක වෙන්දේසියකට ඉදිරිපත්වු පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ඉහළම මිලක් හිමි වූයේ ද දිල්ෂාන් මදුෂංකට වීම විශේෂත්වයක්.

2022 වසරේ ඉන්දීය රුපියල් කෝටි 10 යි දශම 7 යි 5 ක ඉහළ මිලක් හිමිවූ  ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර හිමි වූයේ ඉන්දීය රුපියල් කෝටි 1 යි දශම 5 ක් පමණයි.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 81,000ක්.

ඔහු මිලදී ගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

මෙවර IPL  ක්‍රීඩක වෙන්දේසිය ඉතිහාසය උඩු යටිකුරු කළ වෙන්දේසියක් බවට පත්වුණා.

ඒ, ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 5 යි දශම 4 යි 5 ක් වැය කිරීමයි.

එහිදී මිචෙල් ස්ටක් හට ඉන්දීය රුපියල් කෝටි 24 යි දශම 7 යි 5ක් හිමිවුණා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 29 ලක්ෂ 82,000ක්.

මෙම මුදල ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහලම මුදලයි.

එතරම් මුදලක් වැය කරමින් මිචෙල් ස්ටක් මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

ඔහු වෙන්දේසි වීමට පෙර ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20 යි දශම 5 යි 0 කට අලෙවි වුණා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 24 ලක්ෂ 70,000ක්.

ඔහු මිලදී ගත්තේ සන්රයිසස් හද්‍රාබාද් කණ්ඩායමයි. 

මීට අමරතව ඉකුත් එක්දින ලෝක කුසලානයේදී දස්කම් දැක්වූ නවසීලන්තයේ ඩැරල් මිචෙල් ඉන්දීය රුපියල් කෝටි 14 කටත්, ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ඉන්දීය රුපියල් කෝටි 6 යි දශම 8කටත් වෙන්දේසි වුණා.

ඉන්දීය පන්දු යවන ක්‍රීඩක හර්ෂා පටෙල් ඉන්දීය රුපියල් කෝටි 11 යි දශම 7 යි 5කට වෙන්දේසි වූ අතර වෙන්දේසියට අද ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.