Wednesday, January 8, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පිලේ දොර වැසුණු නුවන් තුෂාරට ඉන්දියාවෙන් කෝටි 5කට ආසන්න ලංසුවක්




2024 IPL ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම වටිනාකම දිනාගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත් වුණා.

ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 4 යි දශම 8ක්. ඔහු මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මුම්බායි කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි හතරහමාරකට වැඩි මුදලක් වැය කරමින් මිලදී ගත් දෙවන ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ නුවන් තුෂාරයි.

ඔහු මේ දක්වා සහභාගී වී ඇත්තේ පන්දු වාර 20 තරඟ 5කට පමණක් වන අතර ඉකුත් ලෝක කුසලනායේදී ද ඔහුට ශ්‍රී ලංකා පිලේ අවස්ථාවක් හිමිව නැහැ. 

2024 IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා නවක ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඉන්දීය රුපියල් කෝටි 4 යි දශම 6ක මිලක් නියම වුණා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ 54,000ක්. ඔහු මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. 

2022 වසරේ ඉන්දීය රුපියල් කෝටි 10 යි දශම 7 යි 5 ක ඉහල මිලක් හිමිවූ    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර හිමි වූයේ ඉන්දීය රුපියල් කෝටි 1 යි දශම 5 ක් පමණයි.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 81,000ක්.

ඔහු මිලදී ගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සහ දුෂ්මන්ත චමීර කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.