මැතිවරණ වියදම් පනත යටතේ 2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් 1,042 දෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමටයි පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, කොට්ඨාස භාර නිලධාරීන් විසින් මෙම මස 31 වන දිනට ප්‍රථම එම විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීමටයි.