පෞද්ගලික බස් හිමියන්ට, බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසනවා.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් බස් රථවලට ගොඩවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර මෙම සාකච්ඡාව පැවැත් වුණේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන්.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා බස් හිමියන් මීට පෙර තීරණය කර තිබුණේ දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමටයි.
එවන් පසුබිමකයි බස් සංගම් හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර අද මෙම සාකච්ඡාව පැවැත් වුණේ.