Wednesday, January 8, 2025

General line - 0115112241

IPL වෙන්දේසියේදී ක්‍රීඩකයින් ගන්න ගියපු සම්පුර්ණ වියදම 




මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා කණ්ඩායම් විසින් ඉන්දිය රුපියල් කෝටි 10 යි දශම 9 ක් වැයකර ඇතැයි අනාවරණවී තිබෙනවා.

මෙවර වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවිවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ නුවන් තුෂාරයි.

ඔහුට හිමිවූ මුදල ඉන්දිය රුපියල් කෝටි 4 යි දශම 8 ක්.

මීට අමතරව දිල්ෂාන් මධුෂංක ඉන්දිය රුපියල් කෝටි 4 යි දශම 6 කට අලෙවි වුණා.

වනිඳු හසරංග අලෙවි වූයේ ඉන්දිය රුපියල් කෝටි 1 යි දශම 5 කටයි.

තරඟාවලියට එක්වන මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තීරණය කිරීමත් සමඟ ඔවුන් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ නැහැ.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය ක්‍රීඩකයින් 42 දෙනෙකු වෙනුවෙන් ඉන්දිය රුපියල් කෝටි 79 යි දශම 4 යි 5 ක් වැය කර ඇති අතර ඔස්ට්‍රේලියානු  ක්‍රීඩකයින් 6 දෙනෙකු වෙනුවෙන් පමණක් වැයකර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 68 යි දශම 0 යි 5 ක්.

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයින් සිව්දෙනෙකු මිලදී ගැනීම සඳහා ඉන්දිය රුපියල් කෝටි 21 යි දශම 1 ක් 5 ක් වැයකර තිබෙනවා.